SexEducation
සංසර්ග භීතිකාව හෙවත් වැජිනිස්මස් රෝගය
ලිංගික එක්වීමට ඇති බිය වැජිනිස්මස් (Vaginismus) රෝගයට ප්‍රධාන ලෙස බලපානවා කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන ලිංගික ගැටලුව වන්නේ වේදනාකාරී සංසර්ගයයි. මෙය උගත් නූගත් දෙපිරිසම මහත් සේ පීඩාවට පත්කරවන තත්ත්වයක් බවට පත්වීම නිසාමත් අපවෙත ලැබුණු ගැටලු අතරින් බොහොමයක් මේ හා සම්බන්ධකම් පවත්වන නිසාත් මෙවර වැජිනිස්මස් රෝගය හෙවත් සංසර්ග භීතිකාව පිළිබඳව සාකච්ඡා කරන්නට අප තීරණය කළා. වැජිනිස්මස් රෝගී තත්ත්වය හා ඊට පිළියම් සම්බන්ධයෙන් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
මේ රෝගී තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන් අතර ගැමි කාන්තාවන් මෙන්ම වෛද්‍යවරියන්, හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, ගුරුවරියන් මෙන්ම රජයේ හා පෞද්ගලික අංශයේ ඉහළ නිලතල දරණ අයද වෙනවා.
මේ අනුව පෙනී යන්නේ වැජිනිස්මස් හෙවත් යෝනි ප්‍රදේශය තදින් සංකෝචනය වීමේ රෝගී තත්ත්වයට නූගත්කම හෝ නොදැනුවත්කම බල නොපාන බවයි.
මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු වන්නේ තම ලිංගික සහකරු සමඟ ලිංගිකව එක්වීමේ ආශාව ඇතත් යෝනි සංසර්ගය ආරම්භයේදීම ඇතිවන වේදනාව නිසා ලිංගික ආශාව සහ ලිංගික හැඟීම් පහව ගොස් සිත් තැවුලට පත්වීමයි.
යෝනි ප්‍රදේශයේ ඇති පේශීන් තදින් සංකෝචනය වීම හෙවත් වැජිනිස්මස් (Vaginismus) හෙවත් සංසර්ග භීතිකාව සඳහා හේතු කීපයක් බලපානවා.
* පිරිමියකු සමඟ ලිංගිකව හැසිරීම යනු අසභ්‍ය හා වැරදි සහගත දෙයක් ලෙස සිතන මානසිකත්වයකින් පසුවීම.
* කුඩා කාලයේදී අප්‍රසන්න ලිංගික අපචාරණයකට හෝ දූෂණයකට ලක්වීම.
* ගර්භණී වීම පිළිබඳ අධික බියකින් පසුවීම
* ප්‍රථම ලිංගික එක්වීමේදී අධික වේදනාවක් සහ අධික රුධිර වහනයක් ඇති වෙතැයි යන අනියත බිය.
* තම විවාහයට අකමැති හෝ ඊර්ෂ්‍යා කරන අයෙක්, ලිංගික සංසර්ගය අවහිර කිරීම සඳහා කොඩිවින කිරීම මඟින්